ආහාර අයිතිය උල්ලංඝනය කළ උමා ඔය ව්‍යාපෘතිය
උමාඔය බහු කාර්ය ව්‍යාපෘතිය ඉරාන ජනාධිපති විසින් අවසන් වරට විවෘත කිරීමට පෙර දෙවතාවක් එය විවෘතකොට තිබූ බව සඳහන් විය. 2008 අප්‍රේල් 29 දින වැල්ලවාය ප්‍රදේශයේ දී මුල්ගල තැබීමට කටයුතු කල එවකට පැවති ආණ්ඩුව, පරිසරය හා මිනිසාගේ මූලික ආහාර අයිතිය ගැනවත් නොසලකා මූලික ශක්‍යතා අධ්‍යන වාර්තා නොමැතිව පරිසර බලපෑම් අනුමැතියකින් ද තොරව මෙම ව්‍යාපෘතිය දඩි බිඩියේ ආරම්භ කෙරිනි. එහි එක් කාර්යක් වූයේ උමා ඔයේ ඉහල ජලය උමං මාර්ගයක් හරහා බිබිල, මොනරාගල නගර වලට ජලය රැගෙන යාමත්ය.
උමඟෙ කැනීම් කටයුතු නිසා පොලොවේ ගැඹුරුම තැන්වලින් පිපිරුම් සිදුවීම් ඇතිවිය. සාමාන්‍ය මිනිස්සුන්ගේ ගෙවල් මෙන්ම පන්සල්, පල්ලි වලද පිපුරුම් ව්ශාල ලෙස සිදුවිය. මහවැලි මහ සැලැස්මට අනුව පහළ උමා ඔය සම්බන්ධයෙන් යෝජනා වී තිබූ විදුලිය මෙගාවොට් 160 ක ව්‍යපෘතිය වෙනුවට දැනට ක්‍රියාමක කිරීමට සැලසුම් ව්‍යපෘතියේ ඉලක්ක ගත විදුලි ප්‍රමාණය 120 ක් පමණක් වීම නිසා පරිසර හා වෙනත් විනාශ ගණනාවක් සහිතව මෙගාවොට් 40 කින් ද ව්‍යාපෘතිය පහත දමා ගෙන ඇත.
මහවැලි මහ ව්‍යාපෘතියට අනුව පහළ උමා ඔයෙන් අවසන් රන් ටැඹේ ජලාශය සඳහා ලබා දීමට සැලසුම්කල වාර්ෂික ජල ප්‍රමාණය කියුබික් මිලියන මීටර් 145ක් ලෙස ගණනය කර ඇත. එහෙත් උමා ඔය ඉහල කොටසෙන් ජලය වෙනත් දිසාවකට ගෙන යෑම නිසාම රන්ටැඹේ ජලාශයට අහිමිවන ජලයෙන් මහවැලි C.B. කලාපයේ ගොවීන්ගේ පානීය හා ගොවිබිම් අක්කර දාහස් ගනණක ගොවිතැනට ද, ජලය සපයන මහ වාරිමාර්ග හා වැව් ජලාශ වල එකතුවට එක්කල ජලයට ද තර්ජන එල්ල වෙමින් පවතී. එය එසේ සිදුවන්නේ දැනටමත් අදාල ප්‍රදේශයන්හි පානීය ජලලිං 8000 කට වැඩි ප්‍රමාණයක් සිඳී ගොස් ඇති තත්ත්වයන් යටතේ වීමත් තුලය.
මේ සියලු විනාශයන් ද සහිතව එයට විරුද්ධව පැන නැගුණු ජනතා විරෝධයන් නිසා අවුෘදු 2010 නොවැම්බර් වල ඉදිරිපත් වූ පරිසර අධ්‍යන වාර්තා දෝෂ සහගත වූ බැවින් 2013 විදේශ විශේෂඥයින්ගේ පරීක්ෂණ වාර්තා ද සැලකිල්ලට ගෙන විපතට පත්වුවන්ට සහන සැලසීමට ත්රීපුද්ගල අනුකමිටුවක් හරහා කටයුතු කිරීමට සිදුවිය. ඒ අනුව බවුසර් හරහා වතුර ලීටර් ලක්ෂ 585 ක් සහ තවත් ලීටර් ලක්ෂ 553 ක් බෙදා හැරීමට කටයුතු සැලස්වීම සිදුකරන ලදී. කිලෝ මීටර් 100 ගණන් ගෙවා මහියංගනය නුවරඑලියේ ඔහිය වැනි ප්‍රදේශවලින් ද වතුර ගෙනවිත් බෙදා හැරීමට සිදුවූ නිසා මුල් ව්‍යපෘති වියදම මෙන් තුන් හතර ගුණයකින් වියදම් වැඩිවිය. ඒ අතරට ලීටර් 500 ජල ටැංකි 10 963 ක් ජනයා අතර බෙදා දීමට සිදුවිය. පුරන් වූ වගා, ගෙවල් පන්සල්, පල්ලි පිපුරුම වෙනුවෙන් ලක්ෂ 2262 ක් ද මුලු වන්දි ලෙස ලක්ෂ 8572 ක්ද ගෙවීමට සිදුවිය.
ව්‍යපෘතිය නිසා සිදුවූ සමස්ත විනාශයන්ගෙන් ජනයාට ඍජුව සිදුවූ විනාශයන් ගැන විශාල මහජන අදහස් ප්‍රමාණයක් ලැබුණ හෙයින් තව දුරටත් එම තත්වයන් සැලකිල්ලට ගෙන ඉතිරි කටයුතු ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදවන ලදි. ගෙවල් 506 ක් ඉවත් කිරීමට සිදුවීමත් කෘෂිකාර්මික වන්දි වෙනුවෙන් ඉදිරිපත් කල වන්දි ඉල්ලීම් 4578 ක් සදහා ගෙවීම් ලබාදෙන ලෙසත් අධිකරණයෙන් තීන්දු විය.
ඒ අනුව මෙම ව්‍යාපෘතිය මුල් අදියරයේ පටන්ගෙන වියදම් කළ ඇස්තමේන්තුගත මුදල් ප්‍රමාණය, පසුව සිදු වූ විනාශය නිසා ගෙවීමට සිදු වූ මුළු වන්දි ප්‍රමාණයට සාපේක්ෂව සැළකියයුතු ප්‍රයෝජනයක් අත්පත් කරගැනීමට නොහැකි විය.
මේ සියලු කරුණු කාරණා විමසා බැලීමෙන් පසු අවසන් වශයෙන් කියන්නට තිබෙන්නේ මෙම ව්‍යාපෘතියෙන් පරිසරයට, සතුන්ට මෙන්ම මිනිස්සුන්ගේ ජීවත් වීමේ හා ආහාර අයිතියට, ජීවන ක්‍රමයට සිදු වූ බලපෑම සැලකිල්ලට ගත්විට හැම විටම නව ලිබරල් සංවර්ධනය යනු අටුව කඩා පුටුව හැදීමේ සංවර්ධනයක් බව නැවත නැවතත් ඒත්තු යමින් ඇත.
කල්යා පෙරේරා